අලුත් අවුරුද්දට අපි මෙහෙම කරමුද?
නිවසකට ශක්තිය (Energy) ඇතුළු වන ප්‍රධානතම ස්ථානය තමයි අපේ නිවසේ දොර හෙවත් ප්‍රධාන දොරටුව කියන්නේ.
එහි වර්ණ සහ පිරිසිදුකම ඔබේ වාසනාවට සෘජුවම බලපාන දෙයක්..
දැන් මම කියන්න යන්නෙ 2026 උදාවත් සමඟ ඔබේ නිවසට වාසනාව කැඳවන සරල රහසක්!
අලුත් අවුරුද්දේ අලුත් බලාපොරොත්තු එක්ක ජීවිතය ජය ගන්න බලාපොරොත්තු වන ඔබ, අනිවාර්යයෙන්ම කළ යුතු සරල වෙනසක් ගැන ඔබ දන්නවාද?
ඔබේ නිවසේ ප්‍රධාන දොර ළඟ ඇති පාපිස්ස (Door Mat) අලුත් වර්ණයකින් මාරු කරන්න. මෙය හුදෙක් අලංකාරයට වඩා, විශ්වයේ ධනාත්මක ශක්තිය සහ සමෘද්ධිය ඔබේ නිවසට කැඳවන ප්‍රබල සංඥාවක්!
දිශාවට අනුව තෝරාගත යුතු නිවැරදි වර්ණ:
ඔබේ නිවසේ ප්‍රධාන දොරටුව පිහිටා ඇති දිශාව අනුව නිවැරදි වර්ණය තෝරා ගැනීමෙන් වාස්තු දෝෂ මගහැරී “සෞභාග්‍යය” උදා කරගන්න පුළුවන්.
දකුණ දිශාව – රතු හෝ මෙරුන් (Red/Maroon) වර්ණය.
බස්නාහිර හෝ වයඹ – සුදු, ක්‍රීම් හෝ ඇත්දළ (White/Ivory) වර්ණය.
උතුර හෝ ඊසාන – තද නිල් හෝ ඕනෑම නිල් (Blue) වර්ණයක්.
නැගෙනහිර හෝ ගිනිකොනඕ – නෑම කොළ (Green) වර්ණයක්.
නිරිත දිශාව කහ, අබ කහ හෝ ලා දුඹුරු (Yellow/Light Brown).
💡 ඇයි අපි මේ වෙනස කළ යුත්තේ?
ප්‍රධාන දොරටුව යනු ශක්තිය නිවසට ඇතුළු වන “මුඛය” බඳුය. නව වසරේ පැරණි, අපිරිසිදු පාපිස්සක් වෙනුවට දිශාවට ගැළපෙන නැවුම් වර්ණයක් භාවිත කිරීමෙන්
1. නිවසේ ධනාත්මක බව (Positive Vibration) ඉහළ යනවා.
2. බාහිරින් එන අහිතකර ශක්තීන් පාලනය වනවා.
3. ව්‍යාපාරික සහ පෞද්ගලික දියුණුවට මග පෑදේ.
කුඩා වෙනසකින් ලොකු වෙනසක් කරන්න* මේ සරල උපදේශය අදම ක්‍රියාත්මක කර 2026 වසර සමෘද්ධිමත් කරගන්න.













