2026 අපොස සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ විභාග සැලසුම් කළ වාර සටහනට අනුව නියමිත දිනයන්හිදීම පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි. විභාග නියමිත පරිදි පැවැත්වෙන බැවින්, ඊට අදාළ විෂය නිර්දේශ සම්පූර්ණයෙන් ආවරණය කර සිසුන් විභාග සඳහා සූදානම් කිරීම අනිවාර්යයෙන්ම කළ යුතු බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කලුවැව මහතා අවධාරණය කර සිටී.
සියලුම රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල විදුහල්පතිවරුන් ඇතුළු ජ්‍යෙෂ්ඨ අධ්‍යාපන බලධාරීන් වෙත විශේෂ නිවේදනයක් නිකුත් කරමින් ලේකම්වරයා දැනුම් දෙන්නේ, කිසියම් පාසලක විෂය නිර්දේශ ආවරණය කිරීමේ ප්‍රමාදයක් පවතී නම්, ඒ සඳහා පූර්ව සැලසුමක් සකස් කළ යුතු බවයි. ඒ අනුව අමතර කාලයක් හෝ යොදා ගනිමින් විෂය නිර්දේශ කඩිනමින් ආවරණය කිරීමට පියවර ගන්නා ලෙසට ද සියලුම පාසල් ප්‍රධානීන්ට උපදෙස් දී තිබේ.
















