2026 T20 ලෝක කුසලාන තරගාවලියේ සුපිරි 8 වටයේ අද (27) කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන තීරණාත්මක තරගයේ කාසියේ වාසිය දිනාගත් නවසීලන්ත කණ්ඩායම පළමුව පන්දුවට පහර දීමට තීරණය කර තිබේ. නවසීලන්ත නායක මිචෙල් සැන්ට්නර් පවසන්නේ තණතීරුවේ ස්වභාවය අනුව පළමුව පන්දුවට පහර දීම වාසිදායක වන බවයි. එංගලන්ත කණ්ඩායම දැනටමත් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා සිටින අතර, නවසීලන්තයට අවසන් පූර්ව වටයට යාමට නම් මෙම තරගය ජයග්‍රහණය කිරීම අත්‍යවශ්‍ය වේ.














