• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

2028 වනවිට ශ්‍රී ලංකාව බිම් බෝම්බ වලින් තොර රටක් බවට පත් කරනවා – ඇමැති ප්‍රසන්න

7 April 2024
in දේශීය, පුවත්
ඊළඟ ජනාධිපතිවරයා සියළු දෙනාගේම සහයෝගය ගත හැකි අයෙක් – ඇමැති ප්‍රසන්නගෙන් අනාවරණයක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

2028 වන විට අපි ශ්‍රී ලංකාව බිම්බෝම්බ හා පුපුරා නොගිය යුද්ධෝපකරණ වලින් තොර රටක් බවට පත් කරන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ ලෝක බිම්වෙඩි දින ජාතික උත්සවය වෙනුවෙන් ඊයේ (06) දින කිලිනෝච්චිය මධ්‍ය මහා විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති උත්සවයට එක්වෙමිනි.

ඔහු අවධාරණය කරන්නේ තවත් උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමට ඇත්තේ කිලෝමීටර් 23 ක පමණ ප්‍රමාණයක පමණක් බවයි.

බිම්බෝම්බ තිබූ සමස්ථ භූමියෙන් කිලෝමීටර් 1340.87 ක ප්‍රදේශයක බිම් බෝම්බ සම්පූර්ණයෙන්ම ඉවත් කර ඇති බවත්, එම ප්‍රදේශයෙන් බිම්බෝම්බ 2,492,081 ක් සොයාගෙන විනාශ කර ඇති බවත් ඇමතිවරයා කියා සිටියේය.

උතුරු පළාතේ බිම් බෝම්බ ඉවත් කර සිවිල් පුරවැසියන්ගේ අනාගත සුරක්ෂිතතාවය පිළිබඳව රජයේ අවධානය යොමුව ඇති බවද ඇමතිවරයා පැවසීය.

ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයා සඳහන් කළේ බිම්බෝම්බ ඉවත් කිරීමේ වැඩසටහන අවසන් වීමත් සමඟම මෙහි සේවය කරන 3,000කට අධික සිවිල් ජනතාවගේ ජීවනෝපාය මාර්ග ඇති කිරීම සඳහා විශේෂ වැඩසටහනක්ද ක්‍රියාත්මක කර ඇති බවයි.

2002 වසරේ සිට බිම්බෝම්බ ඉවත් කිරීමේ වැඩසටහන දිවයින තුළ ක්‍රියාත්මක වන අතර 2010 වසරේදී ඒ සඳහා ‘බිම්වෙඩි පිළිබද ක්‍රියාකාරී ජාතික මධ්‍යස්ථානය’ආරම්භ කෙරිණ. පසුගිය කාලය තුළ මෙම මධ්‍යස්ථානය විවිධ අමාත්‍යංශයන් යටතේ ක්‍රියාත්මක වු අතර වර්තමානයේ එය ක්‍රියාත්මක වන්නේ නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශයේ නැවත පදිංචි කිරීමේ අංශය යටතේයි. බිම්බෝම්බ ඉවත් කිරීමේ ආයතන සම්බන්ධීකරණය, මෙහෙයවීම හා අධීක්ෂණය එමගින් සිදුකරනු ලබයි.

මෙරට බිම් බෝම්බ ඉවත් කිරීමේ කටයුතු සදහා ශ්‍රී ලංකා යුධ හමුදාව සෘජු දායකත්වයක් ලබා දෙන අතර ශ්‍රී ලංකා යුධ හමුදා මානුෂ්‍යවාදී බිමි වෙඩි ඉවත් කිරීමේ ඒකකය හරහා එය සිදු ‍කෙරේ. ඊට අමතරව අන්තර් ජාතික රාජ්‍ය නොවන සංවිධාන දෙකක් වන හලෝට්‍රස්ට් හා මැග් හා දේශීය රාජ්‍ය නොවන සංවිධාන දෙකක් වන ඩෑෂ් හා ෂාෆ් විසින් මෙරට බිම් බෝම්බ ඉවත් කිරීමේ කටයුතු සිදු කරනු ලබයි.

මෙරට බිම් බෝම්බ ඉවත් කිරීමේ කටයුතු සඳහා රජය විසින් ශ්‍රී ලංකා යුධ හමුදාවේ මානුෂ්‍යවාදී බිමි වෙඩි ඉවත් කිරීමේ ඒකකයට මූල්‍යාධාර ලබා දෙයි. මෙම වැඩසටහන සදහා ආධාර සපයනු ලබන ජාත්‍යන්තර ආයතනවලින් අනෙක් රාජ්‍ය නොවන සංවිධාන 4 සඳහා වාර්ෂිකව ඇමරිකානු ඩොලර් මිලියන 17.5 ක මුදලක් සපයනු ලබයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වයෙන් යුතු වත්මන් රජය උතුරු නැගෙනහිර ජනතාවගේ ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීම සඳහා විශේෂ පියවර රැසක් රැගෙන ඇති බව මෙහිදී පෙන්වා දුන් ඇමතිවරයා තවමත් ආරක්ෂක අංශ සතු උතුරේ ජනතාවගේ ඉඩම් ජාතික ආරක්ෂාවට හානියක් නොවන පරිදි එහි මුල් අයිතිකරුවන්ට ලබා දීම සඳහා වෙනම වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වන බව කියා සිටියේය.

සිංහල, දෙමළ, මුස්ලිම් සියළුම ජනතාව ශ්‍රී ලාංකීකයන් ලෙස සාමයෙන් සමාදානයෙන් ජීවත් වීම ආණ්ඩුවේ අපේක්ෂාව බවත් එය කඩාකප්පල් කිරීමට උත්සාහ දරණ උතුරේ හෝ දකුණේ ජාතිවාදී ආගම්වාදී සංවිධාන හෝ පුද්ගලයින්ට නොරැවටෙන ලෙසත් ජනතාවගෙන් ඉල්ලා සිටින බවද ඇමතිවරයා සඳහන් කලේය.

මෙම අවස්ථාවට ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද, උතුරු පළාත් ආණ්ඩුකාර පී.එස්.එම්.චාල්ස්, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම් ඩබ්ලිව්.එස්.සත්‍යානන්ද යන මහත්ම මහත්මීන් සහභාගී වූහ.

Post Views: 4,719
Previous Post

රණවිරුවන්ගේ සුභසාධනය සදහා ප්‍රමුඛ වැඩපිළිවෙළක් – ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත

Next Post

කළුබෝවිල ශික්ෂණ රෝහල සෞඛ්‍ය ලේකම්වරයාගේ නිරීක්ෂණයට ලක්වෙයි

editor ttvnews

editor ttvnews

Next Post
කළුබෝවිල ශික්ෂණ රෝහල සෞඛ්‍ය ලේකම්වරයාගේ නිරීක්ෂණයට ලක්වෙයි

කළුබෝවිල ශික්ෂණ රෝහල සෞඛ්‍ය ලේකම්වරයාගේ නිරීක්ෂණයට ලක්වෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025
රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

9 May 2025
ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

9 May 2025
නව පාප් වහන්සේ Robert F. Prevost

නව පාප් වහන්සේ Robert F. Prevost

9 May 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025
රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

9 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved