29 April 2024
#දේශීය #පුවත්

කළුබෝවිල ශික්ෂණ රෝහල සෞඛ්‍ය ලේකම්වරයාගේ නිරීක්ෂණයට ලක්වෙයි

සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා සහ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා ඇතුලු සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරින් ඊයේ (06) කළුබෝවිල ශික්ෂණ රෝහලේ විශේෂ නිරීක්ෂණයට ලක් කෙරිණ.

සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ සංකල්පයක් මත රජයේ රෝහල් පද්ධතිය වඩාත් විධිමත්ව හා ඉහල පහසුකම් වලින් සමන්විත රෝගී සත්කාර සේවා සමගින් පවත්වා ගෙන යාම මුලික අරමුණ කරගෙන රෝහල් වල පවතින අඩුපාඩු සොයා බලා කඩිනම් විසදුම් ලබාදෙමින් ගුණාත්මක හා විධිමත් සුව සත්කාර සේවාවක් ජනතාවට ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යංශය විසින් ආරම්භ කර ඇති විශේෂ වැඩපිලිවෙලට සමගාමීව සෞඛ්‍ය ලේකම්වරයා ප්‍රමුඛ අමාත්‍යාංශයේ නිලධාරීන් මෙම විශේෂ නිරීක්ෂණ චාරිකාව සිදු කරන ලදි.

ඒ අනුව රෝහලේ සුළු ප්‍රතිසංස්කරණ කටයුතු සදහා රුපියල් මිලියන 100 ක මුදලක් සහ අත්‍යාවශ්‍ය වෛද්‍ය උපකරණ මිලදී ගැනීම සදහා රුපියල් මිලියන 100 ක් වශයෙන් රුපියල් මිලියන 200 ක මුදලක් ලබාදීමට ද තීරණය කෙරුනි. තවද රෝහලේ ඉදිරි සංවර්ධන වැඩකටයුතු වලට අදාලව මුලික සැළසුම් සකස් කර කඩිනමින් සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත ලබාදීමට කටයුතු කරන ලෙස ද රෝහල් පාලන අධිකාරිය වෙත උපදෙස් ලබාදෙන දී තිබේ.

මෙම අවස්ථාවට කළුබෝවිල ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂිකා වෛද්‍ය සාගරිකා කිරිවන්දෙණිය මහත්මිය ඇතුලු විශේෂඥ වෛද්‍ය, වෛද්‍ය, හෙද ඇතුලු සෞඛ්‍ය මණ්ඩල එක්ව සිටියහ.

Leave a comment

Your email address will not be published. Required fields are marked *