ශ්‍රී ලංකාවේ බලශක්ති අවශ්‍යතාවයෙන් 70%ක් 2030 වසර වන විට පුනර්ජනනීය ප්‍රභවයන්ගෙන් සපුරා ගැනීමේ අරමුණින් සකස් කළ ‘පුනර්ජනනීය බලශක්ති සම්පත් සංවර්ධන සැලැස්ම 2025-2030’ සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී තිබේ. 2050 වසර වන විට කාබන් උදාසීන රටක් බවට පත්වීමේ ජාතික ප්‍රතිපත්තියට අනුකූලව සුනිත්‍ය බලශක්ති අධිකාරිය විසින් මෙම සැලැස්ම සකස් කර ඇති අතර, ඒ යටතේ යෝග්‍ය ඉඩම් හඳුනාගැනීම, පුනර්ජනනීය බලශක්ති සිතියමක් නිර්මාණය කිරීම සහ බලශක්ති උද්‍යාන සංවර්ධනය සඳහා කාලරාමුවක් සකස් කිරීම සිදු කෙරේ.
විශේෂයෙන්ම පාවෙන සූර්යබල ව්‍යාපෘතීන් ද ඇතුළත් මෙම නව සැලැස්ම බලශක්ති අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලදුව, දේශීය බලශක්ති ස්වෛරීභාවය තහවුරු කිරීමේ තීරණාත්මක පියවරක් ලෙස කැබිනට් මණ්ඩලය විසින් පිළිගෙන ඇත.














