27 April 2024
#දේශීය

225 අත්සන් කළත් රනිල්ව අගමැති කරන්නේ නෑ – ජනපති එජාපෙට කියයි

පාර්ලිමේන්තුවේ 225 දෙනා ම අත්සන් කර රනිල් වික්‍රමසිංහව අගමැති කරන ලෙස ඉල්ලුවත් ඔහුව අගමැති ලෙස පත් නොකරන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා එක්සත් ජාතික පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙත පවසා තිබේ.

අද (03) ජනාධිපතිවරයා සම්ඟ පැවැති සාකච්ඡාවෙන් අනතුරුව එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂමන් කිරිඇල්ල මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ බහුතරය ඇති රනිල් වික්‍රමසිංහ මහතාට අගමැති ධුරය ලබා දෙන ලෙස ඉල්ලීමක් කළ බවයි.

නමුත් ජනාධිපතිවරයා එම යෝජනාව ප්‍රතික්ෂේප කළ බවත් 225 දෙනාම අත්සන් කළත් අගමැති ධුරය රනිල්ට නොදෙන බව පැවසු බව කිරිඇල්ල මහතා පැවසිය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *