27 July 2024
#දේශීය

සජිත් මැතිවරණ ප‍්‍රකාශය එළිදැක්වීම 31 දින මහනුවරදී – ඇමැති කිරිඇල්ල

සජිත් ප්‍රේමදාස මහතාගේ මැතිවරණ ප‍්‍රකාශය එළැඹෙන 31 වන දින මහනුවර එළිදක්වන බව අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි. අමාත්‍යවරයා මේ බව පැවසුවේ මහනුවර උඩපේරාදෙණිය ප‍්‍රදේශයේ සංවිධානය කරතිබූ ජනහමුවක් අමතමින්.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා ”  රණසිංහ ප්‍රේමදාස මහතාත් සජිත් ප්‍රේමදාස මහතාත් රටේ අසරණ මිනිසුන් ගැන සිතා කටයුතු කරපු අයයි. මැතිවරණය තීරණාත්මක මැතිවරණයක්. පසුගිය රජය රට පාලනය කළේ බලෙන්. ති‍්‍රවිධ හමුදාව හා පොලිසිය යොදවා ජනතාව මර්දනයෙන් තමා රට පාලනය කළේ. මේ අය නැවත බලයට ආවොත් රටේ මිලිටරි පාලනයක් ඇතිවෙනවා. අමාත්‍යාංශ ලේකම්වරු වෙන්නේ හමුදා නිලධාරින්. දිසාපතිවරු, ආණ්ඩුකාරවරු හා පාර්ලිමේන්තුවට පත්වෙන්නෙත් හමුදා නිලධාරින්. මේක තමයි ඒ අයගේ දර්ශනය. මේ තත්වය රජයේ සේවකයින් තේරුම්ගන්න ඕන. අද මාධ්‍යයෙන් වැඩියෙන්ම බනින්නේ අපිට. නමුත් අපි ප‍්‍රජාතන්ත‍්‍රවාදයෙන් කටයුතු කළා. ඉතිහාසයේ ප‍්‍රථම වතාවට ජනාධිපති අපේක්ෂකවරයෙකුගේ මැතිවරණ ප‍්‍රකාශය මෙවර මහනුවර එළිදක්වනවා. සජිත් පේ‍්‍රමදාස මැතිතුමන්ගේ මැතිවරණ ප‍්‍රකාශය එළඹෙන 31 වනදින මහනුවර එළිදක්වනවා. එය මහනුවර සියළු දෙනාට කරල විශාල ගෞරවයක්. රණසිංහ පේ‍්‍රමදාස මැතිතුමත් සජිත් පේ‍්‍රමදාස මැතිතුමත් රටේ අසරණ මිනිසුන් ගැන සිතා කටයුතු කරපු අයයි.

Leave a comment

Your email address will not be published. Required fields are marked *