• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් සංවර්ධන

පාසල් ළමුන්ට ආහාර ලබාදීමේ ජාතික වැඩසටහනට ඩොලර් ලක්ෂ 4 ක ආධාර හිමිවෙයි !

15 May 2020
in සංවර්ධන
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහන සහ ඕස්ට්‍රේලියාවේ විදේශ කටයුතු සහ වෙළදාම් පිළිබඳ දෙපාර්තමේන්තුව විසින් ඇමෙරිකානු ඩොලර් 400,000 (ශ්‍රී ලංකා රුපියල් මිලියන 74) ක් පාසල් ළමුන්ට ආහාර ලබාදීමේ ජාතික වැඩසටහන සඳහා අධ්‍යාපන අමාත්‍යාංශයට ලබාදී ඇති බව වාර්තා වෙයි.

 කොවිඩ්  වසංගතය නිසා පාසල් වසා තිඛෙන කාලසීමාවේදී ළමුන්ට සහ ඔවුන්ගේ පවුල්වලට ඇතිවන දුෂ්කරතාවන්ට මුහුණුදීමට සහාය ලබාදීමක් වශයෙන් ප්‍රාථමික පාසල් සිසුන් 80,000 කට මාසයක කාලයක් සඳහා වියළි ආහාර ද්‍රව්‍ය ලබාදීමට මේ අනුව අවස්ථාව සැලසේ.

ආධාර පාර්ශ්වයන් සඳහන් කරන්නේ ලෝක ආහාර වැඩසටහන සහ ශ්‍රී ලංකා රජය අතර පවත්නා දීර්ඝකාලීන සහයෝගය සහ 2003 වසරේ සිට ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන පාසල් ආහාර වැඩසටහනට අඛණ්ඩව සහාය ලබාදීම මෙම ආධාර මගින්  ප්‍රතිමුර්තිමත් කරන බවය.

එමෙන්ම මෙම වැඩසටහන තවදුරටත් ව්‍යාප්ත කරමින් අමාත්‍යාංශය විසින් ක්‍රියාවට නංවනු ලබන ආහාර ද්‍රව්‍ය නිවෙසට ගෙනයාමට අවස්ථාව ලබාදීමේ වැඩසටහනේ පළමු අදියර ආරම්භ කිරීම සඳහා දැරෙන  උත්සාහයට මෙමගින් තවදුරටත් සහාය ලැඛෙනු ඇත. 

ඕස්ට්‍රේලියානු රජය මගින් මෙම ආධාර ඉතාමත් සුදුසු කාලවකවානුවකදී ලබාදීමට කටයුතු කර තිඛෙන බව  ලෝක ආහාර වැඩසටහනේ ශ්‍රී ලංකා අධ්‍යක්ෂිකාව වන බ්‍රෙන්ඩා බාර්ටන් පැවසුවාය. 

දැනටමත් ප්‍රාථමික පාසල් යන වයසේ ළමුන්ගෙන් 40% ක ප්‍රමාණයක් කෘශ භාවයකින් යුක්ත වේ. බොහොමයක් ළමුන්ට දිනකට ලැඛෙන එකම ආහාර වේල වන්නේ මෙසේ පාසලේදී ඔවුන්ට ලබාදෙන ආහාර වේලයි.ශ්‍රී ලංකාව කෝවිඩ් වසංගයට එරෙහිව සටන් වදින මේ දුෂ්කර අවස්ථාවේ ළමුන්ට අව්‍යශ ආහාර ද්‍රව්‍ය නිවසට ලබාදීමේ වැඩසටහන ළමුන්ගේ සෞඛ්‍ය හා පෝෂණය ආරක්ෂා කිරීම සඳහා ඉතා වැදගත් පියවරක් වනු ඇත.  

මෙම ආහාර මල්ලට බිත්තර,ධාන්‍ය වර්ග සහ අධ්‍යාපන අමාත්‍යාංශය විසින්  ළමුුන් සහ ඔවුන්ගේ පවුල් වල විවිධ වූ පෝෂණ අවශ්‍යතා සඳහා හඳුනාගත් වෙනත් වියළි ආහාර ද්‍රව්‍ය අඩංගුවේ. 

අධ්‍යාපන අමාත්‍යාංශය විසින් හඳුනාගන්නා ලද මධ්‍යම, ඌව, උතුරු සහ නැගෙනහිර පළාතේ පිහිටි පාසල්වල ළමුන්ට මේවා බෙදාහැරිමේ කටයුතු මෙම මස අවසාන භාගයේදී ආරම්භ වනු ඇත. 

මෙම ආරම්භක පියවරෙන් පසුව  අධ්‍යාපන අමාත්‍යාංශය විසින් වියළි ආහාර ද්‍රව්‍ය නිවසට ගෙනයාමට ලබාදීමේ වැඩසටහන පාසල් ළමුන්ට ආහාර ලබාදීමේ ජාතික වැඩසටහන ක්‍රියාත්මක වන අනෙකුත් පාසල් වලටද ව්‍යාප්ත කරනු ලබනු ඇත.

කෝවිඩ් ආසාදනයට ලක්වූ පළමු ශ්‍රී ලාංකිකයා වාර්තාවී පැය 48 ක් ඇතුළත පාසල් වසාදැමීමට රජය විසින් ගනු ලැබූ තීරණය මෙම වෛරසය පැතිරීම වැළැක්වීම සඳහා තීරණාත්මක සාධකයක් වූ බව අධ්‍යාපන හා ක්‍රීඩා කටයුතු භාර අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය. 

පාසල් වසා තිඛෙන මෙම අවස්ථාවේදී  පාසල් ළමුන්ට ආහාර ලබාදීමේ ජාතික වැඩසටහන ක්‍රියාත්මකකිරීමේ වැදගත්කම අප මැනවින් වටහාගෙන තිඛෙනවා.  පාසල් ළමුන්ට ආහාර ලබාදීමේ ජාතික වැඩසටහන යටතේ ආවරණය වන ළමුන්ට වියළි ආහාර ද්‍රව්‍ය නිවෙසට ගෙනයාමට ලබාදීමේ වැඩසටහන සඳහා අරමුදල් සැපයීම වෙනුවෙන් ලෝක ආහාර වැඩසටහනට සහ ඕස්ටේ්‍රලියානු රජයට අපගේ ස්තූතිය හිමිවන බව අමාත්‍යාතුමා පැවසීය.

ළමුන්ගේ  අධ්‍යාපනයට, ඔවුන්ගේ සෞඛ්‍ය හා පෝෂණය නංවාලීමට අත්‍යාවශ්‍ය ආරක්ෂණ ජාලයක් ලෙසින් ක්‍රියාත්මක වන පාසල් ළමුන්ට ආහාර ලබාදීමේ වැඩසටහනට 1963 වසරේ සිට ගෝලීය වශයෙන් ලෝක ආහාර වැඩසටහන  මගින් සහාය ලබාදේ.  ශ්‍රී ලංකා රජයේඅරමුදල් මගින් ක්‍රියාවට නංවනු ලබන පාසල් ළමුන්ට ආහාර ලබාදීමේ ජාතික වැඩසටහන යටතේ  මිලියන 1.1 ට වැඩි ප්‍රාථමික පාසල් ළමුන්ට දිවා ආහාරය සපයනු ලැබේ.  

කොවිඩ් වසංගතයට පෙර පවා පාසල් වලට ප්‍රවේශවීම  සීමාකාරී වූ අවස්ථාවලදී  ලෝක ආහාර වැඩසටහන මගින් වියළි ආහාර ද්‍රව්‍ය නිවෙසට ලබාදීමේ වැඩසටහන් ක්‍රියාවට නංවා තිබේ.

කොවිඩ්- 19 මගින් ඇතිවූ දරුණු ආර්ථීක බලපෑම මගින් ශ්‍රී ලාංකිකයන්ගේ ආහාර සුරක්ෂිතතාවය තහවුරු කිරීම සඳහා අවධානය යොමුකිරීමේ අවශ්‍යතාවය අවධාරණය වී තිබේ. 

කුඩා පරිමාන ගොවීන් දේශීය වශයෙන් වගාකරණු ලබන ආහාර නිෂ්පාදන සහ අගයදාමයන්ට සහාය දක්වමින් ලෝක ආහාර වැඩසටහන ශ්‍රී ලංකා රජය විසින් ක්‍රියාවට නංවන පාසල් ළමුන්ට ආහාර ලබාදීමේ ජාතික වැඩසටහනට  දායකත්වය ලබාදේ. එසේම පාසල් නැවත විවෘත කිරීමේ ක්‍රියාවලියේදී  පාසල්වල අත්සෝදාගැනීමේ පහසුකම් ස්ථාපිත කිරීම වැනි පියවර සඳහා ද අධ්‍යාපන අමාත්‍යාංශයට සහාය ලබාදේ.

Post Views: 0
Previous Post

සියළුම ජාතික උරුමයන් ආරක්ෂා කරන බවට ආරක්ෂක ලේකම් සහතික වෙයි

Next Post

දැව සංස්ථාව සහ රාජ්‍ය වැවිලි සංස්ථාව අතර දීර්ඝ කාලයක් පැවති ප්‍රශ්න ජනාධිපති මැදිහත්ව විසඳයි

editor

editor

Next Post

දැව සංස්ථාව සහ රාජ්‍ය වැවිලි සංස්ථාව අතර දීර්ඝ කාලයක් පැවති ප්‍රශ්න ජනාධිපති මැදිහත්ව විසඳයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

6 June 2025
මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

6 June 2025

Recent News

අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

6 June 2025
මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

6 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved