චීනයෙන් මතු වූ නව කොරෝනාවෛරසය ආසාදනය වීමෙන් ජීවිතක්ෂයට පත්වූ පුද්ගලයින් 41 දෙනෙකකු මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.
ඊට අමතරව වෛරසය ආසාදනය වූ බවට තහවුරු වූ පුද්ගලයින් ගණන 830 දෙනෙකි.
මේ වන විට මධ්‍යම චීනයේ නගර 10ක සංචාරක සීමා පනවා තිබේ. මෙම වෛරසය පැතිරීම පාලනය කිරීම සඳහා චීනය සහ හොංකොං මේ වන විට ජනතාව වැඩි වශයෙන් එක්රැස් වන උත්සව සහ රැස්වීම් අවලංගු කර තිබේ.
එම වෛරසය යුරෝපයට ද පැතිර ගොස් ඇති වාර්තා වේ. එමෙන්ම ප්‍රංශයෙන් ද කොරෝනා වෛරස ආසාධිතයින් තිදෙනෙක් හමුවී ඇත. ජාත්‍යන්තර හදිසි තත්ත්වයක් නම් කරන්නැයි ඉල්ලීම් මේ වනවිට ඇති වී තිබේ.