27 April 2024
#දේශීය

මහා ශිවරාත්‍රී දිනය වෙනුවෙන් උතුරේ පාසල් 5 වනදා වසාදමයි

ලබන සඳුදා දිනට යෙදී ඇති මහා ශිවරාත්‍රී දිනය නිමිත්තෙන් 05වනදා දිනයේදීත් උතුරේ සියලුම පාසල් වෙතට නිවාඩු ලබා දීමට පියවර ගෙන ඇති බවට උතුරු පලාත් ආණ්ඩුකාර කාර්යාලය විසින් නිවේදනය කරයි.

උතුරු පළාත් ආණ්ඩුකාර සුරේන් ආචාර්ය රාඝවන් මහතා විසින් උතුරු පළාත් අධ්‍යාපන ලේකම් ඇතුලු නිලධාරීන් සමග සිදු කරන ලද සාකච්ඡාවකින් මෙම තීරණය ගෙන ඇත.

එමෙන්ම මහා ශිවරාත්‍රී දිනය වෙනුවෙන් උතුරේ සියලුම පාසල් වෙතට අගහරුවාදා දිනයේ නිවාඩු ලබා දෙන බැවින් උතුරේ උපකාරක පංති පවත්වන සියලුම ගුරුවර ගුරුවරියන්ගෙන්ද උතුරු ආණ්ඩුකාර සුරේස් රාඝවන් මහතා ඉල්ලීමක් කොට ඇත්තේ පාසල් නිවාඩු බැවින් එදිනට උපකාරක පන්තිද නොපවත්වන ලෙසටයි.

දෙමළ ජනතාවගේ වසරේ ප්‍රධානම සැමරුමක් වන මහා ශිවරාත්‍රී දිනය සැමරීමේදී පසු දිනයේදීද ශිවරාත්‍රිය සැමරෙන බැවින් 05 වැනිදාද නිවාඩු දිනයක් ලෙසට නම්කර ඇති අතර නිවාඩු දෙන අගහරුවාද දිනය වෙනුවට සතියේ වෙනත් නිවාඩු දිනයක උතුරේ සියලුම පාසල් කටයුතු පැවත්වීමට දිනයක් දැනුම් දෙනු ලබන බවටද උතුරු පළාත් ආණ්ඩුකාර කාර්යාලය විසින් පළාත් අධ්‍යාපන කාර්යාල හා කලාප අධ්‍යාපන කාර්යාල වෙතට දැනුම් දී ඇත.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *