පාසලේ තම පන්තියේ දරුවන්ගෙන් මුදල් අය කර උපකාර පංති පැවැත්වු බවට තහවුරු වු මධ්‍යම පළාතේ පාසල් ගුරුවරුන් 51 ක් දෙනෙකුට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගත් බවත් ඔවුන් සදහා ස්ථාන මාරුවිම් ලබා දුන් බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිතිඥ ලලිත් යු ගමගේ මහතා පවසයි.
ආණ්ඩුකාරවරයා කියා සිටියේ දෙමාපියන් ඇතුලු විවිධ පාර්ශ්ව විසින් දිගින් දිගටම සිදු කළ පැමිණිලි අනුව පළාත් අධ්‍යාපන අමාත්‍යංශය මගින් විශේෂ වැඩපිළිවෙලක් යෙදු බවත් ලැබෙන පැමිණිලි පිළිබදව පරික්ෂණ සිදු කර අදාළ ක්‍රියා මාර්ග ගත් බවය.
මධ්‍යම පළාත් ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් මේනක හේරත් මහතා කියා සිටියේ පළාතේ කලාප සියල්ලගේම පාහේ මෙවැනි පංති පවත්වන ගුරුවරුන් සම්බන්ධයෙන් පැමිණිලි ලැබෙන බවත් ගුරුවරුන් සිසුන් දෙමාපියන් ඇතුලු සියලු පාර්ශව වෙතින් ප්‍රකාශ ලබා ගෙන පරික්ෂණ පවත්වා අදාළ විනය ක්‍රියාමාර්ග ගත් බවය.
මාතලේ මහේෂ් කිර්තිරත්න