නීති විරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ මෙරටින් ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වීමට උත්සහ කළ බවට සැකකෙරෙන පුද්ගලයන් 54 දෙනෙකු රැගත් මෙරට බහුදින ධීවර යාත්‍රාවක් අද (27) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
ශ්‍රී ලංකා නාවික නෞකා රත්නදීප නෞකාව අද අළුයම මඩකලපුවට නැගෙනහිරින් වූ මුහුදු ප්‍රදේශයේ සිදුකළ සෝදිසි මෙහෙයුමක් අතරතුරදී සැකකටයුතු මෙරට බහුදින ධීවර යාත්‍රාවක් පරීක්ෂාවට ලක් කරන ලදී.
එහිදී, එම බහුදින ධීවර යාත්‍රාවේ සිටි නීති විරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ මෙරටින් ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වීමට උත්සාහ කළ බවට සැකකෙරෙන ජාවාරමට සම්බන්ධ පුද්ගලයන් පස් දෙනෙකු ද (05) ඇතුළුව පිරිමි පුද්ගලයන් 52ක් සහ කාත්තාවන් 02ක් එම බහුදින ධීවර යාත්‍රාව සමඟ නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
තවද, වයස අවුරුදු 19 ත් 53 ත් අතර වයසේ පසුවන නාවික හමුදාව භාරයට ගත් සැකකරුවන් පිරිස, මඩකලපුව, ත්‍රීකුණාමලය, මුලතිව් හා යාපනය යන ප්‍රදේශයන්හී පදිංචිකරුවන් බවට හඳුනා ගන්නා ලද අතර, එම පිරිස ඉදිරි නීතිමය කටයුතු සඳහා ත්‍රීකුණාමලය වරාය පොලිසිය වෙත භාරදීමට නියමිතව ඇත.
මෙවැනි අනවසර සංක්‍රමණිකයන් සඳහා ඕස්ට්‍රේලියානු රජයෙන් කිසිදු අනුග්‍රහයක් හිමි නොවන අතර, ඔවුන් අත් අඩංගුවට ගෙන වහාම නැවතත් මෙරටට පිටුවහල් කරනු ලබයි. එබැවින් මුදල් ඉපයීමේ පරමාර්ථයෙන් ව්‍යාජ තොරතුරු පවසා ජාවාරම්කරුවන් විසින් සංවිධානය කරනු ලබන මෙවැනි මිනිස් ජාවාරම් වලට හසුවී නීති විරෝධී ලෙස මෙරටින් සංක්‍රමණය වීමට උත්සහ කර නීතිය ඉදිරියේ වරදකරුවෙකු වීමෙන් වළකින ලෙස නාවික හමුදාව මහජනතාව වෙත අවධාරණය කරනු ලබයි. එමෙන්ම මෙලෙස අනාරක්ෂිත යාත්‍රා යොදා ගනිමින් නිතී විරෝධීව සංක්‍රමණය වීමට උත්සාහ දැරීමෙන් තම ජීවිත විශාල අවදානමකට ලක්වන බවත් නාවික හමුදාව මහජනතාව වෙත වැඩිදුරටත් අනතුරු අඟවා සිටියි.
54 persons attempting to illegally migrate from island held in eastern seas by Navy
Sri Lanka Navy apprehended a local multiday fishing trawler with 54 individuals, suspected to be on an illegal migration attempt to Australia via sea, during a search operation carried out in the eastern seas of the island in the wee hours of today (27th June 2022).
In the search operation mounted in seas east of Batticaloa this morning, SLNS Rathnadeepa intercepted a suspicious local multiday fishing trawler carrying 54 persons who were suspected to be attempting to illegally migrate from the island to Australia. Among the apprehended individuals were 52 males including 05 persons involved in this racket and 02 females. Along with the suspects, the fishing vessel used for this illegal act was also held by the Navy.
The suspects held in this operation are residents of Batticaloa, Trincomalee, Mullaitivu and Jaffna, aged 19 to 53. They will be handed over to the Trincomalee Harbour Police for onward legal proceedings.
Meanwhile, the Australian government does not sponsor such illegal immigrants, who are arrested and deported immediately. The Navy urges the public to avoid being convicted before the law by being caught in the trap of smugglers who mislead the innocent to earn fast buck. The Navy also warns the public that their lives could be in grave danger by attempting to make illegal immigration using unsafe vessels.