කන්දකාඩු මත්ද්‍රව්‍යයන්ට ඇබ්බැහිවුවන් පුනරුත්ථාපනය මධ්‍යස්ථානයේ 56 දෙනෙකුට කොරෝනා අසාදනය වි ඇති බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජෙනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ පවසයි.
එම මධ්‍යස්ථානයේ රැදවියන් හා කාර්යමණ්ඩලය 450කට ආසන්න පිරිසක් PCR පරික්ෂණයට ලක් කර ඇති අතර එහිදී මෙම රෝගීන් හදුනා ගෙන තිබේ.
මෙම රෝගින් අතර එම කන්දකාඩු පුනරුත්තාපන මධ්‍යස්ථානයේ උපදේශිකාවක් ලෙස කටයුතු කරන මාරවිල පදිංචි කාන්තාවකටද එම වෛරසය ආසාදනය වී තිබුණි. තවදුරටත් නිරෝධයන කටයුතු හා PCR පරික්ෂණ අඛණ්ඩව සිදු කරන බව සෞඛ්‍ය හා ආරක්ෂක අංශය පවසයි.
පසුගිය දින කොරෝනා ආසාදිතයා වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියා මාස තුනකට ආසන්න කාලයක් කන්දකාඩු මත්ද්‍රව්‍යයන්ට ඇබ්බැහිවුවන් පුනරුත්තාපන මධ්‍යස්ථානයෙහි පුනරුත්තාපනයට ලක් වු අයෙකි.