27 April 2024
#දේශීය

කටුනායක ගුවන් තොටුපළට PCR රසායනාගාරයක්

කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණෙන මගීන් සඳහා  නොමිලේ පී.සී.ආර්.පරීක්ෂණ සිදු කර ගැනීමට සහ ඒවායේ ප‍්‍රතිඵල නිකුත් කිරීමට නවතම වෛද්‍ය රසායනාගාරයක් එම පරිශ‍්‍රය තුළම විවෘත කර ඇත.

ඒ අනුව අනුක ජීව විද්‍යා රසායනාගාරය ලෙස නම් කර ඇති එය සෞඛ්‍ය අමාත්‍යංශය වෙත  භාරදීම අද උදෑසන සිදුව තිබේ.

එම රසායනාගාරය තුළ PCR  පරීක්ෂණ යන්ත‍්‍ර 02 ක්, න්‍යෂ්ටික අම්ල වෙන්කර ගැනීමේ ස්වයංක‍්‍රීය යන්ත‍්‍ර 02 ක් සහ ආරක්ෂිත කැබිනෙට්ටු 03 ක් ද ස්ථාපිත කර ඇත.

මෙම රසායනාගාරය තුලදී දිනකට ගුවන් මගීන් 500 දෙනෙකුගේ PCR පරීක්ෂණ සිදුකළ හැකි බවත් වාර්තා වෙයි.

Leave a comment

Your email address will not be published. Required fields are marked *