ඇඹිලිපිටිය ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය සිය නිල නිවාසයේ සිට දින 14 කාලයක් නිරෝධායනයට යොමුකර ඇති බව වාර්තා වෙයි.
සබරගමු පළාත් සෞඛ්‍ය බලධාරීන් සඳහන් කරන ආකාරයට ප්‍රධාන මහේස්ත්‍රාත්වරියගේ සැමියා වැලිසර නාවික හමුදා කදවුරේ නිලධාරියෙක් නිසා ඇගේ සැමියා පසුගිය 12දා සිට 20දා දක්වා නිවාඩුවට ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් නිල නිවසේ ගතකර ඇති නිසාත්ප්රධාන මහෙස්ත්‍රාත් වරිය මෙසේ නිරෝධායන සඳහා යොමු කර ඇත.
ඒ අනූව ඇය සිය නිල නිවාසයේම ස්වයං නිරෝධායකට ලක්ව සිටියි.
නිවාඩු පැමිණ සිටි මහේස්ත්‍රාත්වරියගේ සැමියා පසුගිය 20දා ආපසු නාවික හමුදා කදවුරුට සේවයට ගොස් ඇත. පසුගිය 22දා වැලිසර නාවික හමුදා කදවුරෙන් කෝවිඞ් 19 වෛරස් ශරීරගතවූ නාවික නිලධාරීන් හමුවීමත් සමගම එම කදවුරේ සියලූ දෙනාම පීසීආර් පරීක්ෂණවලට භාජනය කර තිබේ.
පසුගිය 22දා මහෙස්ත්‍රාත්වරිය අධිකරණයේ සේවයට ගොස් ඇති අතර එදින සෞඛ්‍ය උපදෙස් අනුගමනය කරමින් නඩු කිහිපයක් විභාගයට ගෙන කල් දමා තිබේ.
මහේස්ත්‍රාත්වරියගේ සැමියාද සේවය කරන වැලිසර නාවික හමුදා කදවුරේ නිලධාරින් පීසීආර් පරීක්ෂණ වලට භාජනය කර ඇති නිසා මහේස්ත්රාත්වරියද සිය කැමැත්තෙන්ම නිල නිවාසයේ නිරෝධායනට ලක්ව ඇති බව සෞඛ්‍ය අංශ ආරංචි මාර්ග පවසයි.
අධිකරණ සේවා කොමිසමද ඇයට නිරෝධායනයට ලක්වන ලෙස උපදෙස් දී ඇති බව වාර්තා වන අතර ඒ සමග ඇඹිලිපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිනිය ප්රමුඛ කාර්ය මණ්ඩලයේ උපදෙස් මත මහෙස්ත්රාත්වරියගේ සැමියා නිල නිවසට පැමිණ සිටි දිනවල රාජකාරියේ නිරතව සිටි ඇඹිලිපිටිය පොලීසියේ නිලධාරීන් හත් දෙදෙනක් ද ඔවුන්ගේ නිවෙස් වලට යවා නිරෝධායනයට ලක්කර සිටි.