27 April 2024
#දේශීය

අනුරාධපුරේ ඇඳිරි නීතිය ඉවත් කරන්න එපා – දුමින්ද දිසානායක

පවතින කොරෝනා වසංගත තත්ත්වය තුළ අනුරාධපුරයේ දිස්ත්‍රික්කයේ වාර්තා වී ඇති රෝගින් තත්ත්වය ඉහල යාම හේතුවෙන් පවතින ඇඳිරී නීතිය ලිහිල් නොකරන ලෙස හිටපු රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක පවසයි.

ඒ මහතා මාධ්‍ය වෙත පවසා සිටියේ හෙට දිනයේ යළිත් අනුරාධපුර දිස්ත්‍රික්කයේ ඇදිරි නීතිය ලිහිල් කිරීමට නියමිත අතර දැනට දිස්ත්‍රික්කයේ පවතින තත්වය අනුව එය මේ මොහොතේ සුදුසු නොවන කටයුත්තක් බවයි.

එසේම අද උදෑසන කොරෝනා මැඩලීමේ ජනාධිපති කාර්ය සාධක බලකායේ නිලධාරීන් සමග සම්බන්ධ වෙමින් දුමින්ද දිසානායක මහතා ප්‍රකාශ කර සිටියේ, කොරෝනා ආසාධිතයන් කිහිප දෙනෙක්ම අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් වාර්තා වීම හේතුවෙන් මොවුන්ගේ පහුගිය දින කිහිපයේ ක්‍රිකාරකම් සහ ඇසුරු කල පුද්ගලයන් හදුනාගන්නා තුරු ඇදිරි නීතිය දීර්ග කිරීම පිළිබඳව සලකා බැලිය යුතු බවයි.

තවද මේ පිළිබඳව යුධ හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සමගද දුමින්ද දිසානායක මහතා විසින් විශේෂ කරුණු රාශියක් සාකච්ඡා කර ඇති අතර මේ සම්බන්දයෙන් දැඩි අවදානයක් යොමු කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා තිබේ.

මේ සියලු කරුණු කාරණා සමගින් දුමින්ද දිසානායක මහතා රටේ සියලු ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ මේ වසංගත තත්වයේ අවධානම වටහා ගනිමින් ඇදිරි නීතිය ලිහිල්ව පවතින අවස්ථාවලදීද වගකීම් සහගත පුරවැසියන් ලෙස රජයේ සෞඛ්‍ය උපදෙස් පිලිපැදීමටත්, අත්‍යාවශ්‍යම කරුණකදී පමණක් නිවසෙන් පිටවීමටත්, සමාජ දුරස්ථභාව ආරක්ෂා කරගනිමින් කොවිඩ් 19 වසංගතයට එරෙහි රජය ගෙන යන වැඩපිළිවලට සහය වන ලෙසයි.

 

කෙසේ වෙතත් අනුරාධපුරයේ ස්වාමින් වහන්සේලා පවසා සිටියේ පවතින වසංගත අර්බුධකාරි තත්ත්වයෙන් තම පුජනීය ගම්මානය බේරා දෙන ලෙසයි. අනුරාධපුරයේ වැඩි වශයෙන් වකුගඩු රෝගීන් සිටින බැවින් ඔවුන් බොහෝ පිරිසක් වැඩිහිටි පුද්ගලයින් නිසා බැවින් මේ පිළිබඳ දැඩි අවධානය යොමු කරන ලෙස සෞඛ්‍ය අංශය වෙත භික්ෂුන් වහන්සේලා විසින් ඉල්ලා සිටි.

Leave a comment

Your email address will not be published. Required fields are marked *