නානුඔය ප්‍රදේශයේ පාසලක 8 ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවියකට අමානුෂික ලෙස පහර දුන් ගුරුවරයෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. පහරකෑමට ලක්වූ දියණිය මේ වන විට රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටී.
තමන් මුහුණ දුන් අවාසනාවන්ත සිදුවීම විස්තර කරමින් එම දියණිය ප්‍රකාශ කළේ, අදාළ ගුරුවරයා ඇයගේ හිස මේසයට තබා තද කරමින් පිට ප්‍රදේශයට දිගින් දිගටම පහර දුන් බවයි. එම පහරදීමෙන් ඇති වූ දරාගත නොහැකි වේදනාව හේතුවෙන් තමන්ට මුත්‍රා පිටවූ බවද ඇය වැඩිදුරටත් සඳහන් කළාය.














