ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම කුකුළු මස් සහ මස් නිෂ්පාදන සමාගමක් වන ‘Delmo’ සහ මෙරට ප්‍රමුඛතම ඔන්ලයින් ආහාර ඇණවුම් කිරීමේ යෙදවුමක් වන ‘Uber Eats’ අතර සුවිශේෂී හවුල්කාරිත්වයක් ඇති කරගෙන තිබෙනවා. මෙමඟින් පාරිභෝගිකයන්ට Delmo සන්නාමයේ නැවුම් කුකුළු මස් සහ අනෙකුත් අගය එකතු කළ මස් නිෂ්පාදන ඉතා පහසුවෙන් නිවසටම ගෙන්වා ගැනීමට අවස්ථාව සැලසේ.
මෙම සේවාව මුලින්ම Delmo අලෙවිසැල් 10ක් කේන්ද්‍ර කරගනිමින් ආරම්භ වන අතර ඉදිරි මාස කිහිපය තුළ එය දිවයින පුරා ව්‍යාප්ත කිරීමට නියමිතයි. ඒ අනුව පාරිභෝගිකයන්ට Delmo සතු නැවුම් කුකුළු මස්, සොසේජස් වර්ග මෙන්ම පිසීමට සූදානම් කර ඇති (Ready-to-cook) විවිධ මස් නිෂ්පාදන රැසක් Uber Eats ඇප් එක හරහා සෘජුවම ඇණවුම් කළ හැකියි. දිවයින පුරා අලෙවිසැල් 140කට අධික සංඛ්‍යාවක් හිමි Delmo වැනි විශ්වාසදායක සන්නාමයක් සමඟ අත්වැල් බැඳගැනීමෙන් තම පාරිභෝගිකයන්ට එදිනෙදා අවශ්‍ය ඕනෑම දෙයක් සැපයීමේ හැකියාව තවදුරටත් පුළුල් වන බව Uber Eats ආයතනය පවසනවා.
Uber Sri Lanka හි සිල්ලර හා වෙළෙඳ අංශ ප්‍රධානී නිශාන්ත් සේගර් මහතා සඳහන් කළේ මෙමඟින් පාරිභෝගිකයන්ට උසස් තත්ත්වයේ මස් නිෂ්පාදන ඉතා පහසුවෙන් සහ කඩිනමින් ලබාගත හැකි බවයි. එමෙන්ම Delmo Chicken and Agro සමාගමේ සාමාන්‍යාධිකාරී යසස් විතාරණ මහතා ප්‍රකාශ කළේ ශ්‍රී ලාංකීය පවුල් වෙනුවෙන් හොඳම තත්ත්වයේ මස් නිෂ්පාදන සැපයීමේ සිය අරමුණ මෙම නව තාක්ෂණික සේවාව ඔස්සේ තවදුරටත් පුළුල් වන බවයි.














