උප්පැන්න සහතිකය නොමැතිකම කිසිදු දරුවෙකුට පාසල් අධ්‍යාපනය අහිමිවීමට හේතුවක් නොවිය යුතු බව කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය අවධාරණය කරනවා. මාතර දිස්ත්‍රික් ළමා හා කාන්තා කමිටු රැස්වීමට එක්වෙමින් ඇය මේ බව කියා සිටියා.
මාතර දිස්ත්‍රික්කයේ වතු ආශ්‍රිතව ජීවත් වන දරුවන් පිරිසකට උප්පැන්න සහතික නොමැති වීම නිසා ඔවුන්ව පාසල්වලට ඇතුළත් කර ගැනීමට ගැටලු මතු වී ඇති බව මෙහිදී අනාවරණය වුණා. ඊට පිළිතුරු දෙමිනුයි අමාත්‍යවරිය සඳහන් කළේ ලියකියවිලි නොමැතිකම දරුවන්ගේ මූලික අධ්‍යාපන අයිතිය අහුරා තැබීමට සාධකයක් කර නොගත යුතු බවයි. මීට අමතරව ළමා අපචාර, මත්ද්‍රව්‍ය උවදුර සහ දරුවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය පිටුදැකීම සඳහා ගත හැකි කඩිනම් ක්‍රියාමාර්ග පිළිබඳවද මෙම සාකච්ඡාවේදී දීර්ඝ ලෙස අවධානය යොමු කෙරුණා.













