පිළිකා ප්‍රතිකාරවලදී රෝගීන්ට ප්‍රතිශක්තිය ඉහළ නංවා ගැනීමට සහ රුධිරයේ සුදු රුධිරාණු ප්‍රමාණය වැඩි කර ගැනීමට අත්‍යවශ්‍ය වන G-CSF කාණ්ඩයේ ඖෂධවල බරපතල හිඟයක් පවතින බව වෛද්‍ය හා සමාජ අයිතිවාසිකම් සඳහා වන වෛද්‍ය සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා පවසයි.
Neup, Neupogen, GCadF සහ Filgrastim වැනි ඖෂධ මෙලෙස හිඟවී ඇති අතර, ආනයන ක්‍රියාවලියේදී පැන නැගුණු ගැටළුවක් හේතුවෙන් වෛද්‍ය සැපයුම් අංශයට අදාළ ඖෂධ තොග බාර ගැනීමට නොහැකි වී ඇති බව ඔහු සඳහන් කරයි. මෙම තත්ත්වය රජයේ රෝහල්වල මෙන්ම පෞද්ගලික අංශය තුළද පවතින බව පෙන්වා දෙන ඒ මහතා, ප්‍රතිකාර ලබන පිළිකා රෝගීන් ආසාදනවලින් ආරක්ෂා කර ගැනීමට මෙම ඖෂධ අත්‍යවශ්‍ය වන බවත්, අඛණ්ඩව ජීවිතාරක්ෂක ඖෂධ සැපයීමට සෞඛ්‍ය අමාත්‍යාංශය අසමත්වීම කණගාටුදායක බවත් වැඩිදුරටත් කියා සිටියි.
තොරතුරු උපුටා ගැනීම: Reuters ඇසුරින්














