මැදපෙරදිග කලාපයේ පවතින යුදමය වාතාවරණය හමුවේ ගෝලීය වශයෙන් වැඩිම බලපෑමක් එල්ල වන්නේ බලශක්ති ක්ෂේත්‍රයට බව ආර්ථික විශ්ලේෂක ධනනාත් ප්‍රනාන්දු මහතා පෙන්වා දෙයි. දැනට පවතින අස්ථාවර තත්ත්වය හේතුවෙන් ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල ඇතුළු බලශක්ති පිරිවැය ඉහළ යාමේ දැඩි අවදානමක් පවතින බව ඔහු සඳහන් කරයි.
එමෙන්ම පවතින සංකීර්ණ වාතාවරණය හමුවේ ඉදිරි ආර්ථික තත්ත්වයන් පිළිබඳව නිශ්චිත පුරෝකථනයන් සිදු කිරීම පවා අසීරු වී ඇති බව ධනනාත් ප්‍රනාන්දු මහතා වැඩිදුරටත් අවධාරණය කළේය. මැදපෙරදිග කලාපයේ අර්බුද සෘජුවම ශ්‍රී ලංකාව වැනි ආනයනික බලශක්තිය මත යැපෙන රටවලට දැඩි බලපෑම් එල්ල කළ හැකි බව වෙළෙඳපොළ විශ්ලේෂකයෝ ද පවසති.














