මැදපෙරදිග සාම ගිවිසුමේ ප්‍රධාන මැදිහත්කරු ලෙස කටයුතු කළ පකිස්ථානය, එම ගිවිසුමේ කොන්දේසි සම්බන්ධයෙන් මතුව ඇති මතභේද හමුවේ අද දැඩි ස්ථාවරයක සිටිමින් ප්‍රකාශයක් නිකුත් කළේය. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පකිස්ථාන නියෝජිතයා අවධාරණය කර සිටියේ ලෙබනනය ද මෙම සටන් විරාම ගිවිසුමට ඇතුළත් බවත්, ඒ පිළිබඳව පකිස්ථානයට කිසිදු ගැටලුවක් හෝ අපැහැදිලි බවක් නොමැති බවත්ය.
මෙම අර්බුදයේ පසුබිම පිරික්සීමේදී, පකිස්ථාන අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ් මීට පෙර ප්‍රකාශ කර තිබුණේ මෙම සාම ගිවිසුම ලෙබනනය ද ඇතුළුව සෑම ප්‍රදේශයකටම අදාළ වන බවයි. කෙසේ වෙතත්, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු එම ප්‍රකාශය ප්‍රතික්ෂේප කරමින් කියා සිටියේ ලෙබනනය ගිවිසුමට ඇතුළත් නොවන බවයි. මෙම කරුණ සම්බන්ධයෙන් ධවල මන්දිරය ද ඊශ්‍රායලයේ ස්ථාවරයට සහාය පළ කර තිබුණි.
ඊශ්‍රායල ගුවන් හමුදාව ලෙබනනයට එල්ල කළ දැවැන්ත ප්‍රහාර සහ මියා කලීෆා වැනි ක්‍රියාකාරිනියන්ගේ විවේචන මධ්‍යයේ, පකිස්ථානය සිය ස්ථාවරය වෙනස් නොකර ලෙබනනය ගිවිසුමේ කොටසක් බව යළිත් තහවුරු කර තිබේ. ලබන සෙනසුරාදා පකිස්ථානයේදී පැවැත්වීමට නියමිත අමෙරිකා – ඉරාන සාම සාකච්ඡාවලදී ද මෙම විෂයපථය පිළිබඳ ගැටලුව ප්‍රධානතම මාතෘකාවක් වනු ඇතැයි දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති.
තොරතුරු උපුටා ගැනීම: mario nawfal(x) ඇසුරින්














