චීනය විසින් ෂැංහයි ගුවන් සීමාවට අයත් වර්ග කිලෝමීටර් 73,000ක ප්‍රදේශයක් සිවිල් ගුවන් ගමන් සඳහා තහනම් කර තිබේ. තායිවානයේ සම්පූර්ණ භූමි ප්‍රමාණය මෙන් දෙගුණයක් වන මෙම ගුවන් කලාපය, තායිවානයට කිලෝමීටර් කිහිපයක් උතුරින් පිහිටා ඇත. මෙම තහනම එළඹෙන මැයි මස 06 වැනිදා දක්වා දින 40ක කාලයක් බලපැවැත්වෙනු ඇත.
චීනය මෙම තහනමට නිසි හේතුවක් මෙතෙක් ප්‍රකාශ කර නැතත්, මෙවැනි දැවැන්ත ගුවන් සීමා සීමා කිරීම් හුදෙක් මිලිටරි අරමුණු සඳහාම පමණක් සිදු කරන බව ආරක්ෂක අංශ විචාරකයෝ පෙන්වා දෙති. ඇමෙරිකානු සිවිල් ගුවන් සේවා අධිකාරිය (FAA) මගින් ද මේ පිළිබඳව ගුවන් නියමුවන් දැනුවත් කර ඇති අතර, කලාපීය ආරක්ෂක තත්ත්වය හමුවේ චීනයේ මෙම පියවර ජාත්‍යන්තර අවධානයට ලක්ව තිබේ.














