අමෙරිකානු පුරවැසිභාවය ලබාගැනීමේ අරමුණින් විදේශීය ගැබිනි කාන්තාවන් ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කරමින් මෙරටට ගෙන්වා ගැනීමේ ජාවාරම් (Birth Tourism) මර්දනය කිරීම සඳහා අමෙරිකානු ආගමන හා විගමන බලාත්මක කිරීමේ ආයතනය (ICE) විශේෂ මෙහෙයුමක් ආරම්භ කර තිබේ. ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පාලන අධිකාරිය යටතේ ක්‍රියාත්මක වන මෙම නව වැඩපිළිවෙළ “Birth Tourism Initiative” ලෙස නම් කර ඇති බව රොයිටර් පුවත් සේවය වාර්තා කරයි.
අමෙරිකාවේ උපත ලබන දරුවන්ට නිතැතින්ම හිමිවන පුරවැසිභාවය පිළිබඳ නීති රීති දැඩි කිරීමට ජනාධිපති ට්‍රම්ප් ගන්නා උත්සාහයට සමගාමීව මෙම පියවර ගෙන ඇත. වීසා බලපත්‍ර ලබාගැනීමේදී අසත්‍ය තොරතුරු සැපයීම සහ ඒ ආශ්‍රිත වංචනික ක්‍රියාවල නිරත වන පුද්ගලයන්ට එරෙහිව දැඩි ලෙස නීතිය ක්‍රියාත්මක කිරීමටත්, එවැනි ජාලයන් හඳුනාගෙන ඒවා මුලිනුපුටා දැමීමටත් ෆෙඩරල් නියෝජිතයන්ට උපදෙස් දී තිබේ. රිපබ්ලිකන් පක්ෂය දිගින් දිගටම පෙන්වා දෙන්නේ මෙවැනි වංචනික ක්‍රියා හේතුවෙන් අමෙරිකානු පුරවැසිභාවය ලබාදීමේ ක්‍රියාවලිය අවභාවිත වන බවයි.
















