ශ්‍රී ලංකාවේ නිසාන් (Nissan) මෝටර් රථ නියෝජිත අසෝසියේටඩ් මෝටර්වේස් (AMW) සමාගම, අප්‍රේල් මාසය වෙනුවෙන් නිසාන් මැග්නයිට් (Magnite) සහ නිසාන් අල්මේරා (Almera) රථ මිලදී ගන්නා පාරිභෝගිකයන් සඳහා විශේෂ ඉන්ධන දීමනාවක් හඳුන්වා දී තිබේ. 2026 අප්‍රේල් 1 සිට 30 දක්වා වලංගු මෙම වැඩපිළිවෙළ යටතේ, LOLC ෆිනෑන්ස් ලීසිං පහසුකම හරහා වාහනයක් මිලදී ගන්නා පාරිභෝගිකයන්ට රුපියල් 125,000ක නොමිලේ ඉන්ධන දීමනාවක් හිමිවේ. වෙනත් ඕනෑම ක්‍රමයක් යටතේ හෝ සෘජු මිලදී ගැනීම් සිදුකරන පාරිභෝගිකයන් සඳහා රුපියල් 75,000ක ඉන්ධන දීමනාවක් හිමිවන බව සමාගම සඳහන් කරයි.
ඩයලොග් ආසිආටා පීඑල්සී (Dialog Axiata PLC) සමඟ අත්වැල් බැඳගනිමින් “Fuel Touch Card” එකක් හරහා මෙම ඉන්ධන ප්‍රතිලාභය පිරිනමනු ලබන අතර, එමඟින් දිවයින පුරා ඕනෑම ප්‍රදේශයකින් පහසුවෙන් ඉන්ධන ලබාගැනීමේ හැකියාව පවතී. නිසාන් මැග්නයිට් රථය 2025 වසරේ මෙරට වැඩිම අලෙවියක් සහිත Class A SUV රථය බවට පත්වෙමින් ඒකක 5,000කට වඩා අලෙවි වී තිබීම විශේෂත්වයකි. මෙම දීමනාවට අමතරව වසර 3ක හෝ කිලෝමීටර් 100,000ක වගකීමක් සහ දිවයින පුරා විහිදුණු අලෙවියෙන් පසු සේවාවන් ද පාරිභෝගිකයන්ට හිමිවන අතර, කොළඹ, මාතර, කුරුණෑගල, මහනුවර සහ මීගමුව යන ප්‍රදේශවල පිහිටි නිසාන් ප්‍රදර්ශනාගාර වෙතින් මෙම අවස්ථාව ලබාගත හැකිය.














