යුද්ධය ආරම්භ වූ දා සිට ප්‍රථම වතාවට ඇමරිකානු නාවික හමුදා නෞකා හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කිරීමත් සමඟ, එම නෞකාවලට ප්‍රහාර එල්ල කරන බවට ඉරානය දැඩි අනතුරු ඇඟවීමක් කර තිබේ. ඇමරිකානු නෞකා ඉරානය සමඟ කිසිදු සම්බන්ධීකරණයකින් තොරව මෙම කලාපයට ඇතුළු වී ඇති බවත්, එම නෞකා තවදුරටත් ඉදිරියට ගමන් කළහොත් විනාඩි 30ක් ඇතුළත ඒවා ඉලක්ක කරන බවත් ඉරාන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශකයෙකු සඳහන් කර ඇත.
ඉරානය මෙම අනතුරු ඇඟවීම සිදු කර ඇත්තේ පාකිස්ථානයේ පැවැත්වෙන සාම සාකච්ඡාවලට සහභාගී වන මැදිහත්කරුවන් හරහාය. මෙවැනි ප්‍රහාරයක් සිදුවුවහොත් දැනට පාකිස්ථානයේ පැවැත්වෙන ඇමරිකා-ඉරාන සාකච්ඡා බිඳ වැටෙනු ඇති බවට ද ඉරානය අනතුරු අඟවා තිබේ. ඇමරිකානු නෞකා හෝමුස් සමුද්‍ර සන්ධිය “පවිත්‍ර කිරීමේ” මෙහෙයුමක් අරඹා ඇති බව ජනාධිපති ට්‍රම්ප් මීට පෙර ප්‍රකාශ කර තිබූ අතර, මෙම නවතම වර්ධනය හමුවේ කලාපය තුළ යළිත් දරුණු යුදමය වාතාවරණයක් නිර්මාණය වීමේ අවදානමක් මතුව ඇත.














