ලොවක් වසඟ කළ ‘ට්‍රාන්ස්ෆෝමර්ස්’ (Transformers) සිනමා සහ කාටූන් මාලාවේ “ඔප්ටිමස් ප්‍රයිම්” (Optimus Prime) චරිතයට හඬකැවූ ප්‍රවීණ කැනේඩියානු හඬනළු පීටර් කැලන් (Peter Cullen) මහතා අභාවප්‍රාප්ත වී තිබේ.
මියයන විට 85 වන වියෙහි පසුවූ ඔහු, 1980 දශකයේ ඇරඹි මුල්ම ට්‍රාන්ස්ෆෝමර්ස් සජීවිකරණ මාලාවේ සිට හොලිවුඩ් චිත්‍රපට මාලාව දක්වාම ඔප්ටිමස් ප්‍රයිම් වෙනුවෙන් හඬ දායකත්වය ලබාදුන්නේය. ඊට අමතරව ‘Winnie the Pooh’ හි ඊයෝර් (Eeyore) චරිතයට සහ ‘Predator’ ඇතුළු ප්‍රකට නිර්මාණ රැසකට හඬ කැවූ ඔහු, සිය අසමසම හඬින් ලෝක සිනමා සහ කාටූන් ක්ෂේත්‍රයේ නොමැකෙන සටහනක් තබා ඇත.














