බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටි මහාපරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ සංවිධානාත්මක අපරාධකරුවන් හත් දෙනෙකු වැලිසර නාවික හමුදා කඳවුර තුළ අලුතින් ඉදිකරන ලද අධි ආරක්ෂිත බන්ධනාගාරය වෙත මාරු කර යවා තිබේ. මෙලෙස මාරු කර යවන ලද පිරිස අතර සමන්ත කුමාර හෙවත් වෙලේ සුදා, දෙමටගොඩ චමින්ද, ලොකු පැටී, මිදිගම රුවන්, මන්නා රමේෂ්, ආමි සම්පත් සහ බැකෝ සමන් යන අය වන බව වාර්තා වේ.
බූස්ස බන්ධනාගාරයේ සිටි රැඳවූවන් 11 දෙනෙකු වැලිසර වෙත මාරු කිරීමට සැලසුම් කර ඇති අතර, එහි පළමු අදියර ලෙස මෙම හත් දෙනා මාරු කර ඇත. ඉදිරියේදී හරක් කටා ඇතුළු තවත් පිරිසක් මෙලෙස මාරු කිරීමට නියමිතය. බූස්ස බන්ධනාගාරයේ සිටම මෙම අපරාධකරුවන් සිය ජාවාරම් සහ ඝාතන මෙහෙයවන බවට ලැබුණු තොරතුරු මත ආරක්ෂාව තර කිරීමේ පියවරක් ලෙස මෙම මාරු කිරීම් සිදු කර තිබේ.














