මාර්ග විනය නොතකා රිය පදවන රියැදුරන් සම්බන්ධයෙන් වහාම ක්‍රියාත්මක වීම සඳහා අමාත්‍ය බිමල් ජයකොඩි මහතා විසින් නව WhatsApp අංකයක් හඳුන්වා දී තිබේ. ඒ අනුව, මාර්ග නීති උල්ලංඝනය කරමින් අනතුරුදායක ලෙස රිය පදවන වාහනවල ඡායාරූප හෝ වීඩියෝ දර්ශන 0704 755 600 යන අංකයට යොමු කරන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටී.
මෙමඟින් මාර්ග අනතුරු අවම කර ගැනීමට සහ රියැදුරන් තුළ විනයක් ඇති කිරීමට පොලිසිය අපේක්ෂා කරන අතර, ලැබෙන තොරතුරු මත පදනම්ව අදාළ රියැදුරන්ට එරෙහිව තරාතිරම නොබලා නීතිමය පියවර ගන්නා බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කර ඇත.














