දිවයිනේ ප්‍රදේශ කිහිපයකට ඇද හැලෙන වර්ෂාවත් සමඟ දිස්ත්‍රික්ක 04ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයක් සඳහා නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය (NBRO) පියවර ගෙන තිබේ.
මහනුවර දිස්ත්‍රික්කය: යටිනුවර
කෑගල්ල දිස්ත්‍රික්කය: වරකාපොල, කෑගල්ල සහ රඹුක්කන
නුවරඑළිය දිස්ත්‍රික්කය: අඹගමුව
රත්නපුර දිස්ත්‍රික්කය: ඉඹුල්පේ, කුරුවිට, ඕපනායක, පැල්මඩුල්ල සහ රත්නපුර
නායයෑමේ පූර්ව ලක්ෂණ නිරීක්ෂණය වන්නේ නම් වහාම ආරක්ෂිත ස්ථාන කරා යොමු වන ලෙස බලධාරීන් ජනතාවට උපදෙස් ලබා දෙයි.














