ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෙළේ සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන “කරන්දෙණිය සුද්දා” නමැත්තාගේ සහෝදරයා ඉන්දියාවේ නවදිල්ලි ගුවන්තොටුපළේදී අත්අඩංගුවට ගෙන තිබේ. ඉන්දීය ආරක්ෂක අංශ විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත්තේ ඔහු ඉන්දියාවෙන් වෙනත් රටක් වෙත පලායාමට උත්සාහ කළ අවස්ථාවකදීය. මනුෂ්‍ය ඝාතන සහ මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් මොහුට එරෙහිව මෙරට චෝදනා රැසක් එල්ල වී ඇති අතර, මීට පෙරද කරන්දෙණිය සුද්දා ඇතුළු පිරිසක් ඉන්දියාවට පලාගොස් සිටින බවට තොරතුරු අනාවරණය වී තිබිණි. සැකකරු මෙරටට ගෙන්වා ගැනීම සඳහා අවශ්‍ය රාජ්‍ය තාන්ත්‍රික කටයුතු ඉදිරියේදී ආරම්භ කිරීමට නියමිතය.














