ඉරාන යුද්ධය හේතුවෙන් හෝමුස් (Hormuz) සමුද්‍ර සන්ධිය ප්‍රායෝගිකව වැසී යාම නිසා ඔස්ට්‍රියාවේ සිට කටාර් රාජ්‍යය වෙත ඉදිකිරීම් සඳහා ගෙන්වන දැව (Austrian Spruce) ඇතුළු භාණ්ඩ ප්‍රවාහනය දැඩි අර්බුදයකට ලක්ව තිබේ සාමාන්‍යයෙන් දින 45 කින් මුහුදු මාර්ගයෙන් ළඟා වන මෙම දැව තොග දැන් විකල්ප මාර්ග ඔස්සේ ගොඩබිම් හරහා ලොරි මගින් ප්‍රවාහනය කිරීමට සිදුව ඇති අතර මේ නිසා ප්‍රවාහන වියදම තුන් ගුණයකට වඩා ඉහළ ගොස් ඇත
මේ වන විට එක් දැව බහාලුමක් (Container) සඳහා අමතරව ඩොලර් 3600 සිට 5000 දක්වා මුදලක් ගෙවීමට සිදුව ඇති අතර භාණ්ඩ ළඟා වීමට ගතවන කාලය ද මාස කිහිපයකින් ප්‍රමාද වී තිබේ දැව පමණක් නොව ඖෂධ ආහාර සහ අනෙකුත් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ප්‍රවාහනය ද මෙලෙස අඩාල වී ඇති අතර එක්සත් අරාබි එමීර් රාජ්‍යය සෞදි අරාබිය සහ ඕමානය වැනි රටවල් එක්ව විකල්ප ගොඩබිම් මාර්ග සකස් කිරීමට උත්සාහ කරමින් සිටියි මෙම තත්ත්වය දිගින් දිගටම පැවතුණහොත් කලාපය තුළ භාණ්ඩ මිල තවදුරටත් ඉහළ ගොස් උද්ධමනයක් ඇති විය හැකි බවට ආර්ථික විශේෂඥයෝ අනතුරු අඟවති














