අමෙරිකා එක්සත් ජනපදයේ සිට පිටුවහල් කරනු ලබන සංක්‍රමණිකයන් 30කට අධික පිරිසකගෙන් යුත් පළමු කණ්ඩායම මෙම සතියේදී කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජය වෙත පැමිණීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. විශේෂත්වය වන්නේ මෙලෙස පිටුවහල් කරන පිරිස කොංගෝ ජාතිකයන් නොවන අතර, ඔවුන් මධ්‍යම සහ දකුණු ඇමරිකානු රටවල වැසියන් වීමයි. ට්‍රම්ප් පරිපාලනය සමඟ ඇති කරගත් එකඟතාවයක් මත මෙම පියවර ගෙන ඇති අතර, මේ හරහා අමෙරිකාව සිය රටින් සංක්‍රමණිකයන් ඉවත් කිරීමේ ක්‍රියාවලිය වේගවත් කිරීමට අපේක්ෂා කරයි. මීට හිලව් වශයෙන් කොංගෝවේ නැගෙනහිර ප්‍රදේශයේ පවතින ගැටුම් සමනය කිරීමට මැදිහත් වීමටත්, එරට ඛනිජ සම්පත් සඳහා ප්‍රමුඛතාවය ලබා ගැනීමටත් අමෙරිකාව එකඟ වී ඇති බව වාර්තා වේ. උතුරු කොරියාවේ න්‍යෂ්ටික වර්ධනය සහ මධ්‍ය පෙරදිග පවතින යුධ නොසන්සුන්තාව මධ්‍යයේ වුවද, අමෙරිකාව සිය සංක්‍රමණික ප්‍රතිපත්ති දැඩි ලෙස ක්‍රියාත්මක කරමින් සිටී.
















