තිස්ස – මාතර ප්‍රධාන මාර්ගයේ හම්බන්තොට, වැලිගත්ත ප්‍රදේශයේ බූන්දල හන්දිය ආසන්නයේදී අද (15) උදෑසන සිදු වූ රිය අනතුරකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ. ධාවනය වෙමින් තිබූ කුඩා වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට පැන පෙරළී යාමෙන් මෙම අනතුර සිදුව ඇති අතර, අනතුරත් සමඟ වෑන් රථය අසල තිබූ දුරකථන කණුවක ද ගැටී ඇත.
මෙම අනතුරින් වෑන් රථයට සහ දුරකථන කණුවට දැඩි හානි සිදුව ඇති බව වාර්තා වේ. ආරක්ෂාකාරී රිය පැදවීම පිළිබඳව රියදුරන් වඩාත් සැලකිලිමත් වීම තුළින් මෙවැනි මාර්ග අනතුරු වළක්වා ගත හැකි බව පෙන්වා දෙන බලධාරීන්, රිය පැදවීමේදී අවධානයෙන් පසුවන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටී.













