හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන කත්‍රිආරච්චි මහතා කොළඹ අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. පොලිසිය සඳහන් කරන්නේ අද (16) පෙරවරුවේ මන්ත්‍රීවරයාගේ පිළියන්දල පිහිටි නිවස පරීක්ෂාවට ලක් කළ අවස්ථාවේදී එහි තිබී සොයාගත් අවිආයුධ තොගයක් හේතුවෙන් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකළ බවයි.
ඔහු සන්තකයේ තිබී T-56 මැගසින් දෙකක්, පතොරම් 221ක් සහ අත්බෝම්බයක් පොලිස් භාරයට ගෙන ඇත. සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය වැඩිදුර විමර්ශන මෙහෙයවනු ලබයි.














