හෙම්මාතගම පොලිස් වසමේ ගෝනවල – තඹවිට මාර්ගයේ එරමිනිගම්මන ප්රදේශයේදී ඊයේ (15) සිදුවූ දරුණු යතුරුපැදි අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තවත් තිදෙනෙකු බරපතල තුවාල ලබා තිබේ. ගෝනවල දෙසට ධාවනය වූ යතුරුපැදියක් ප්රතිවිරුද්ධ දෙසින් පැමිණි යතුරුපැදියක මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති අතර අනතුරින් බරපතල තුවාල ලැබූ යතුරුපැදි දෙකේ පැදිකරුවන් සහ පසුපැදිකරුවන් සිව්දෙනාම වහාම හෙම්මාතගම රෝහලට ඇතුළත් කිරීමට පියවර ගැනුණි.
එහිදී එක් යතුරුපැදි පැදිකරුවෙකු මියගොස් ඇති අතර මෙලෙස මියගොස් ඇත්තේ දෙවනගල ප්රදේශයේ පදිංචිව සිටි 54 හැවිරිදි පුද්ගලයෙකි. අනතුරින් බරපතල තුවාල ලැබූ අනෙක් පැදිකරුවා සහ පසුපැදිකරුවන් දෙදෙනා වැඩිදුර ප්රතිකාර සඳහා මාවනැල්ල රෝහල වෙත මාරු කර යවා ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් හෙම්මාතගම පොලිසිය වැඩිදුර විමර්ශන මෙහෙයවනු ලබයි.














