සංවිධානාත්මක අපරාධකරුවෙකු වන කරන්දෙණිය සුද්දාගේ සොහොයුරා වන ‘රාජු’ නමැත්තා ඉන්දියාවේ සිට හෙට (17) දිවයිනට රැගෙන ඒමට නියමිත බව පොලිසිය තහවුරු කරයි. මීට දින කිහිපයකට පෙර නවදිල්ලි ගුවන් තොටුපළේදී ඉන්දීය ආරක්ෂක අංශ විසින් මොහුව අත්අඩංගුවට ගනු ලැබුවේ වෙනත් රටකට පලා යාමට උත්සාහ කරමින් සිටියදීය.
සැකකරු මෙරටට භාර ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) විශේෂ නිලධාරීන් කණ්ඩායමක් මේ වන විටත් ඉන්දියාවට ගොස් සිටිති. හෙට පස්වරුවේ එයාර් ඉන්දියා (Air India) ගුවන් සේවයට අයත් යානයකින් ඔහු කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන ඒමට නියමිතය.
කරන්දෙණිය සුද්දාගේ අපරාධ කල්ලි මෙහෙයුම්වලට සහ මෑතකදී දකුණු පළාතේ සිදුවූ වෙඩි තැබීම් කිහිපයකට මෙම සැකකරු සෘජුව සම්බන්ධ බවට තොරතුරු අනාවරණය වී තිබේ. ඔහු මෙරටට රැගෙන ආ පසු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට නියමිතය.














