මිදිගම පොලිස් වසමට අයත් යාවුවත්ත, ගංගොඩ, පිටිදුව ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික නිවසකට සහ එහි නවතා තිබූ මෝටර් රථයකට ඉලක්ක කර ගනිමින් පෙරේදා (අප්‍රේල් 18) රාත්‍රියේ කිසියම් පිරිසක් විසින් වෙඩි ප්‍රහාරයක් එල්ල කර තිබේ. රාත්‍රී 11.45 ට පමණ සිදුවූ මෙම ප්‍රහාරයෙන් කිසිදු පුද්ගල ජීවිත හානියක් සිදුව නොමැති බව වාර්තා වේ.
පොලිස් පරීක්ෂණවලට අනුව, ප්‍රහාරකයින් විසින් මුලින්ම නිවසේ පදිංචි W.J. සුපුන් විජේසේකර නැමැත්තාට අයත් CIVIC / CBC-9995 දරන මෝටර් රථයට ගිනි තැබීමට උත්සාහ කර ඇත. එම උත්සාහය ව්‍යර්ථ වීමත් සමඟ ඔවුන් T-56 වර්ගයේ ස්වයංක්‍රීය ගිනි අවියකින් නිවස දෙසට වෙඩි ප්‍රහාර 04ක් සහ අදාළ මෝටර් රථයට එක් වෙඩි ප්‍රහාරයක් එල්ල කර පලා ගොස් තිබේ.
ප්‍රහාරය සිදුවන අවස්ථාවේ නිවැසියන් නිවස තුළ සිට ඇති අතර, වාසනාවකට මෙන් ඔවුන්ට කිසිදු අනතුරක් සිදුව නොමැත. සිද්ධිය සම්බන්ධයෙන් මිදිගම පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වන අතර, වෙඩි තැබීමට හේතුව හෝ ප්‍රහාරකයින් මෙතෙක් හඳුනාගෙන නොමැත. ප්‍රදේශයේ ආරක්ෂාව තර කර ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණය පැවැත්වීමට නියමිතව ඇත.













