මැදපෙරදිග පවතින යුදමය වාතාවරණය හෙට දිනයේ අවසන් වුවද, බලශක්ති මිල ගණන් යුද්ධයට පෙර පැවති මට්ටමට ස්ථාවර වීමට තවත් වසර ගණනාවක් ගතවනු ඇතැයි යුරෝපා බලශක්ති කොමසාරිස් ඩෑන් ජොර්ගන්සන් (Dan Jørgensen) අනතුරු අඟවයි. ඉරාන යුද්ධය හේතුවෙන් යුරෝපය පුරා මතුව ඇති මූල්‍ය බලපෑම අවම කිරීම සඳහා වූ නව ක්‍රියාමාර්ග මාලාවක් ඉදිරිපත් කරමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.
පසුගිය මාස දෙකක කාලය තුළ මැදපෙරදිග පැවති අර්බුදය හේතුවෙන් යුරෝපා මහද්වීපයට අතිරේක බලශක්ති පිරිවැය ලෙස යුරෝ බිලියන 24ක් වැය වී ඇති අතර, එය දිනකට යුරෝ මිලියන 5ක අතිරේක බරකි. කටාර් වැනි රටවල විනාශ වූ ගෑස් යටිතල පහසුකම් යළි ගොඩනැගීමට වසර ගණනාවක් ගතවන බැවින්, බලශක්ති මිල ගණන් ඉක්මනින් අඩු වනු ඇතැයි අපේක්ෂා කළ නොහැකි බව හෙතෙම අවධාරණය කළේය.
යුරෝපා වැසියන්ට ඉදිරි මාස සහ වසර කිහිපය ඉතා දුෂ්කර වනු ඇති බවත්, බලශක්ති සුරක්ෂිතතාව වෙනුවෙන් දැඩි තීන්දුවලට එළඹීමට සිදුවන බවත් බලශක්ති කොමසාරිස්වරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.














