ජාතික ජන බලවේගය විසින් සංවිධානය කරන ලද කොළඹ දිස්ත්‍රික් මැයි රැලියට සහභාගී වීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මීට සුළු වේලාවකට පෙර මහරගම වෙත පැමිණියේය.
අද (01) පෙරවරුවේ නුවරඑළිය දිස්ත්‍රික් මැයි රැලියට සහභාගී වූ ජනාධිපතිවරයා, එම කටයුතු නිමවා කොළඹ දිස්ත්‍රික් රැලියට එක්වීම සඳහා මෙලෙස මහරගම වෙත පැමිණ ඇත.
ජාතික ජන බලවේගය මෙවර ජාත්‍යන්තර කම්කරු දිනය වෙනුවෙන් දිස්ත්‍රික්ක 21ක මැයි දින රැලි සංවිධානය කර තිබීම විශේෂත්වයකි. මීට පෙර අදහස් දැක්වූ කේ.ඩී. ලාල්කාන්ත මහතා ප්‍රකාශ කළේ ජනතාව රජය සමඟ සිටින බව පෙන්වීමට සහ ලබාගත් බලය තහවුරු කිරීමට මෙම රැලි පවත්වන බවයි.














