දුම්රිය අනතුරකට ලක්ව බරපතළ තුවාල ලබා ප්‍රතිකාර ලබමින් සිටියදී අකාලයේ ජීවිතක්ෂයට පත් වූ ශ්‍රී ලංකා යුද්ධ හමුදා ඉංජිනේරු සේවා රෙජිමේන්තුවේ ලාන්ස් කොප්‍රල් ඒ.පී. මරියලුජිසන් වෙනුවෙන් පූර්ණ හමුදා ගෞරව සහිත අවසන් කටයුතු අද (01) කිලිනොච්චිය, අයියකකච්චි ප්‍රදේශයේදී සිදු කෙරිණි.
2014 වසරේදී යුද්ධ හමුදාවට බැඳී 12 (ස්වෙච්ඡා) ඉංජිනේරු සේවා රෙජිමේන්තුවට අනුයුක්තව සේවය කළ ඔහු, පසුගිය අප්‍රේල් මස 19 වන දින මුරිකන්ඩි ප්‍රදේශයේදී දුම්රිය අනතුරකට ලක්විය. අනතුරෙන් බරපතළ තුවාල ලැබූ ඔහු යාපනය ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ දින කිහිපයක් ප්‍රතිකාර ලබමින් සිටියදී මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත.
කිලිනොච්චිය සාවත්ති පොදු සුසාන භූමියේදී පැවති මෙම අවමංගල්‍ය උත්සවය සඳහා යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, සෙබළුන් මෙන්ම ප්‍රදේශවාසීන් සහ ඥාති මිත්‍රාදීන් විශාල පිරිසක් එක්ව සිටියේ මියගිය සෙබළාට සිය අවසන් ගෞරවය පුද කිරීම සඳහාය.














