ඉන්දියාවේ බටහිර බෙංගාල ප්‍රාන්තයේ පැවැති මැතිවරණයේදී විද්‍යුත් ඡන්ද යන්ත්‍ර ආශ්‍රිතව සිදුවූ බව කියන දූෂණ සහ අක්‍රමිකතා හේතුවෙන්, අදාළ ඡන්ද මධ්‍යස්ථාන 15ක හෙට (02) යළි ඡන්ද විමසීම පවත්වන ලෙස ඉන්දීය මැතිවරණ කොමිසම නියෝග කර තිබේ. ඒ අනුව හෙට පෙරවරු 7:00 සිට පස්වරු 6:00 දක්වා මෙම මධ්‍යස්ථානවල ඡන්ද විමසීම පැවැත්වීමට නියමිතය.
පසුගිය අප්‍රේල් 29 වනදා පැවැති දෙවන අදියරේ ඡන්ද විමසීමේදී ඇතැම් අපේක්ෂකයින්ගේ නම් ‘ටේප්’ අලවා වසා දමා තිබූ බවට භාරතීය ජනතා පක්ෂය (BJP) සහ සී.පී.එම් (CPM) පක්ෂය චෝදනා කර තිබුණි. විශේෂයෙන්ම Trinamool කොංග්‍රස් පක්ෂයට දැඩි බලයක් පවතින ෆෝල්ටා (Falta) ප්‍රාන්තයේ මෙවැනි අක්‍රමිකතා මෙන්ම ඡන්ද මධ්‍යස්ථාන අත්පත් කර ගැනීම සහ හොර ඡන්ද දැමීම වැනි බරපතළ සිදුවීම් වාර්තා වී තිබූ බව විදෙස් මාධ්‍ය පවසයි.














