ඉන්දියාවේ නර්මදා නදියේ සිදුවූ බෝට්ටු අනතුරකින් ජීවිතක්ෂයට පත්වූ මවකගේ සහ කුඩා දරුවෙකුගේ සිරුරු සොයාගෙන ඇති අතර, එම සිරුරු හමුවූ ආකාරය කාගේත් නෙතට කඳුළක් ගෙන එන සංවේදී පුවතක් බවට පත්ව තිබේ.
අනතුර සිදුවූ ස්ථානයේ සිදුකළ සෝදිසි මෙහෙයුම්වලදී මෙම සිරුරු දෙක හමුවී ඇති අතර, සිරුරු සොයා ගන්නා අවස්ථාවේදීත් එම මව තම කුඩා දරුවා තදින් වැළඳගෙන සිට ඇති බව වාර්තා වේ. මරණය හමුවේ වුවද තම දරුවා ආරක්ෂා කර ගැනීමට මව දැරූ උත්සාහය මෙමඟින් මනාව පිළිබිඹු වන බව එම ස්ථානයේ සිටි පිරිස් පවසා ඇත.
මෙම අනතුර සම්බන්ධයෙන් ඉන්දීය බලධාරීන් වැඩිදුර විමර්ශන සිදුකරන අතර, අදාළ සංවේදී දර්ශනය මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ ද ලොව පුරා බොහෝ දෙනෙකුගේ අවධානයට ලක්ව තිබේ.














