පවතින විපක්ෂයේ දේශපාලන බලවේග දැඩි ලෙස විවේචනය කරමින් අගමැතිනි හරිනි අමරසූරිය මහත්මිය ප්‍රකාශ කර සිටියේ, “සුන්බුන් විපක්ෂය” ලෙස ඇය හඳුන්වන පිරිසට අද දිනයේ ජනතාව සාර්ථක ප්‍රතිචාරයක් ලබා දුන් බවයි. කාන්තා දිනය නිමිත්තෙන් පැවැති දැවැන්ත ජන සහභාගීත්වය මඟින් ආණ්ඩුවේ ජනතා පදනම තහවුරු වී ඇති බව ඇය පෙන්වා දුන්නාය.
විපක්ෂය සංවිධානය කරන රැළිවලට වඩා දහස් ගුණයක කාන්තා සහභාගීත්වයක් තමන් වටා රොක් කර ගැනීමට හැකි බවත්, එය විපක්ෂයේ අභියෝගවලට දිය හැකි හොඳම පිළිතුර බවත් අගමැතිනිය මෙහිදී අවධාරණය කළාය. ජනතාව තවදුරටත් පැරණි දේශපාලන මතවාද පිළිනොගන්නා බවත්, වත්මන් වැඩපිළිවෙළ සමඟ ශක්තිමත්ව එක්ව සිටින බවත් ඇය වැඩිදුරටත් සඳහන් කළාය.














