අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මිය සිය දේශපාලන ගමන්මග සහ වත්මන් ජන වරම පිළිබඳව අදහස් දක්වමින් කියා සිටියේ, මෙම දැවැන්ත ජන බලය වසර එකහමාරක් වැනි කෙටි කාලයකදී ගොඩනැගුණු එකක් වුවද, තමන්ට තවත් බොහෝ දුරක් යාමට ඇති බවයි.
පසුගිය පාර්ලිමේන්තුවේ තිදෙනෙකුට පමණක් සීමා වී තිබූ තම දේශපාලන කණ්ඩායම, මෙවර මන්ත්‍රී ආසන 159ක් දක්වා වර්ධනය කර ගැනීමට හැකි වූයේ විපක්ෂයේ සිටි කාලය තුළ නිවැරදි ලෙස ජනතාව සංවිධානය කළ නිසා බව ඇය පෙන්වා දුන්නාය. ජනතාව ලබා දුන් මෙම විශ්වාසය පෙරදැරිව රට වෙනුවෙන් සැලසුම් කළ ගමන අඛණ්ඩව ඉදිරියටම රැගෙන යන බව අගමැතිනිය මෙහිදී වැඩිදුරටත් අවධාරණය කළාය.














