වත්තලදී පැවැති දෙවන පරපුර පක්ෂයේ මැයි දින රැළිය අමතමින් එම පක්ෂයේ නායක උවිඳු විජේවීර මහතා වත්මන් රජය දැඩි ලෙස විවේචනයට ලක් කළේය. වත්මන් පාලනය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) කොන්දේසි මත ක්‍රියා කරන “රුකඩ ආණ්ඩුවක්” බවට ඔහු මෙහිදී චෝදනා කළේය.
ජනතාව බලාපොරොත්තු වූ වෙනස වෙනුවට ආණ්ඩුව කරමින් සිටින්නේ විදේශීය බලවේගවල වුවමනාවන් ඉටු කිරීම බවත්, වැඩකරන ජනතාවගේ අයිතිවාසිකම් මේ හරහා පාවා දී ඇති බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය. මැයි දිනය සැමරීම හුදු උත්සවයකට සීමා නොකර, රටේ ස්වෛරීභාවය සහ ජනතාවගේ ආර්ථික නිදහස උදෙසා අලුත් දේශපාලන ගමනක් අවශ්‍ය බව උවිඳු විජේවීර මහතා මෙහිදී අවධාරණය කර සිටියේය.














