කම්බෝජ විපක්ෂ නායක කෙම් සෝකා මහතාට එරෙහිව පනවා තිබූ වසර 27ක සිරදඬුවම එරට අභියාචනාධිකරණය විසින් තහවුරු කිරීම සම්බන්ධයෙන් ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව සිය දැඩි අප්‍රසාදය සහ කනස්සල්ල පළ කර තිබේ.
හිටපු අග්‍රාමාත්‍ය හුන් සෙන්ගේ රජය පෙරළා දැමීම සඳහා විදේශීය බලවේග සමඟ කුමන්ත්‍රණය කළ බවට චෝදනා කරමින් කෙම් සෝකා මහතාට එරෙහිව මෙම නඩු තීන්දුව ලබා දී ඇත. 72 හැවිරිදි වියේ පසුවන ඔහු, 2023 මාර්තු මාසයේ සිට නිවාස අඩස්සියේ රඳවා සිටී. ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව මෙම චෝදනා “ව්‍යාජ කුමන්ත්‍රණ න්‍යායන්” ලෙස හඳුන්වමින් සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කර ඇති අතර, කම්බෝජ රජයේ මෙම ක්‍රියාමාර්ගය මානව හිමිකම් සහ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් ලෙස හෙළා දැක ඇත.
පාලක පක්ෂය විසින් දශක ගණනාවක් තිස්සේ විපක්ෂයේ දේශපාලන ක්‍රියාකාරීන් මර්දනය කිරීමේ තවත් පියවරක් ලෙස මෙම සිදුවීම විචාරකයින් විසින් පෙන්වා දී තිබේ. ප්‍රකාශනයේ නිදහස සහ සාමකාමීව එක්රැස් වීමේ අයිතිය සීමා කිරීම කම්බෝජයේ ජාත්‍යන්තර කීර්තිනාමයට බරපතළ හානියක් බව ඇමරිකාව වැඩිදුරටත් අවධාරණය කරයි.














