මධ්‍යම, සබරගමුව, නැගෙනහිර, ඌව සහ උතුරුමැද පළාත්වලට මෙන්ම වව්නියාව සහ මුලතිව් දිස්ත්‍රික්කවලට අද පස්වරු 1.00න් පසු ගිගුරුම් සහිත වැසි සමඟ ප්‍රබල අකුණු ඇතිවීමේ හැකියාවක් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. මෙම ගිගුරුම් සහිත වැසි සමඟ තාවකාලික තද සුළං ද ඇති විය හැකි බැවින් ජනතාව ආරක්ෂිත පියවර අනුගමනය කරන ලෙසයි එම දෙපාර්තමේන්තුව ඉල්ලා සිටින්නේ.
ගිගුරුම් සහිත වැසි පවතින අවස්ථාවල එළිමහනේ සිටීමෙන් වළකින ලෙසත්, විවෘත භූමි ප්‍රදේශවල හෝ තනි ගස් යට රැඳී නොසිටින ලෙසත් දැනුම් දෙනු ලැබේ. එසේම ජලයේ හෝ පිහිනුම් තටාකවල රැඳී සිටීම අනතුරුදායක වන අතර ගෘහස්ථව සිටින විට විදුලි උපකරණ භාවිතය අවම කර ලෝහමය ව්‍යුහයන්ගෙන් සහ උස් ස්ථානවලින් ඈත්ව සිටීමෙන් අකුණු අනතුරු අවම කරගත හැකියි.















