තංගල්ල, කුඩාවැල්ල ප්‍රදේශයේදී බීමතින් සිටි පුද්ගලයෙකු විසින් සිය බලපත්‍ර සහිත ගිනි අවිය භාවිතා කර අහසට වෙඩි තැබීමේ සිද්ධියක් වාර්තා වී තිබෙනවා. මෙම සිද්ධිය සම්බන්ධයෙන් සැකකරු මේ වනවිට තංගල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
වෙඩි තැබීමෙන් කිසිවෙකුටත් හානියක් සිදුව නොමැති අතර, සැකකරු වැඩිදුර විමර්ශන සඳහා අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා වෙත යොමු කිරීමට පොලිසිය පියවර ගෙන තිබේ.














